ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි
2022-07-17 16:07:36
Share with:

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට ඇඟළුම් ක්ෂේත්‍රය දායක වන අතර සමස්ත අපනයන වටිනාකමෙන් 40%ක් නියෝජනය කරන්නේත් ඇඟළුම් අංශයයි.

පසුගිය වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තත්ත්වය හමුවේ වූවද 2022 වසරේ මැයි මාසය වන විට පෙර වසරට සාපේක්ෂව 16%ක වර්ධනයක් සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.26ක් ඉපැයීමට ඇඟළුම් ක්ෂේත්‍රය සමත්වී ඇත. මෙම තත්ත්වය නිසැක වශයෙන්ම ඉදිරි මාස 6ක කාලය තුළ පවත්වාගෙන යමින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක අපනයන ආදායමක් ඉපැයීමට සමත් වනු ඇතැයි පුරෝකථනය කළ හැක.

 ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් ලක්ෂ 3.5ක් ඇඟළුම් කර්මාන්තය හා එක්ව සිටින අතර වෙනත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව සේවකයින්ගේ රැකියා සුරක්ෂිත බව තහවුරු කිරීමට ඇඟළුම් ක්ෂේත්‍රයට හැකිව තිබෙන්නේ එම ක්ෂේත්‍රය මෙරට ප්‍රමුඛතම විදේශ විනිමය ඉපැයීම් මාර්ගය වන බැවිනි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සඳහා ඩොලර් මූලික ප්‍රශ්නය නම් ඩොලර් යලි ඉපැයීම ශ්‍රී ලංකාවට ඇති එකම විසඳුමයි.

පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ විදේශ විනිමය ඉපැයුම් ක්ෂේත්‍රයේ වඩාත් සක්‍රීයම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රය විසින් ලබා දෙනවා යන්න පැවසීම අසත්‍යයක් නොවේ. විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් , ආනයන සීමා, සේවක ගැටලු  ආදී දහසක් බාධක මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රය වඩාත් ජාතිමාමක කාර්යභාරයක් ඉටු කරමින් සිටීම පැසසිය යුතුය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම