ක්‍රමවත් ලෙස මහජනතාවට ඉන්ධන ලබාදීම‍ට ජාතික ඉන්ධන බලපත්‍රයක්
2022-07-17 14:51:55
Share with:

ක්‍රමවත් ලෙස මහජනතාවට ඉන්ධන ලබාදීම සහ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස QR කේතය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසවයි.

එය  'ජාතික ඉන්ධන බලපත්‍රය' නමින් එළිදක්වා තිබේ.

'ජාතික ඉන්ධන බලපත්‍රය'  ලබා ගැනීම සදහා fuelpass.gov.lk වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය. 

ඉන්ධන පෝලිම් ලිහිල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ(ICTA) තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

ඒ අනුව යම් පුද්ගලයෙකු සිය ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් වාහනයක් ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මෙම වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවේ දී පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම