සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා ෂින්ජ්‍යං හි ටුර්පන් නගරයේ මිදි වගා කර්මාන්තය
2022-07-17 16:10:49
Share with:

පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ටුර්පන් නගරය නිරීක්ෂණය කිරීමත් ඊට අයත්. එහි මිදි වගා කර්මාන්තය පිළිබඳව හෙතෙම විමසා බැලුවා. මිදි වගා කර්මාන්තය සංචාරය හා සම්බන්ධ වීමේ සංවර්ධනය කෙරෙහි ද හෙතෙම ඉහළ අවධානයන් දැක්වුවා.


ටුර්පන් නගරය යනු චීනයේ ප්‍රථම ජාතික මට්ටමේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ නගර ලැයිස්තුවට එක්වූ නගරයක්. එහි දහවල් කාලයේ හා රාත්‍රියේ පවතින උෂ්ණත්වයන්හි විශාල පරතරයක් තිබෙන අතර, හිරු එළිය  ලැබෙන කාලයත් දිගු වීම ‍විශේෂත්වයක්. කඳු වලින් දියවූ හිම පමණක් නොව, එහි පස් මිදි වගාවට ඉතා සුදුසුයි. එහි මිදි වගාව ආරම්භ කෙරුණේ වසර 2000කට අධික කාලයකට පෙරයි. වසර 5ට පෙර බෙයිජිං හි චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික ‘ සැසිවාර 2 ’ පැවැත්වූ අවස්ථාවේ දී ෂී ජින් පිං මහතා ෂින්ජ්‍යං නියෝජිත කණ්ඩායම සමග සුහද පිරිසඳරක නිරතවූ අවස්ථාවේ දී අවධාරණය  කළේ ෂින්ජ්‍යං හි අනන්‍යතාවන්ගෙන් යුත් විශේෂ කර්මාන්ත තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවයි.

මේ වන විට, ටුර්පන් හි මිදි කර්මාන්තයේ දැවැන්ත ප්‍රබෝධයක් ඉස්මතු වෙලා තිබෙනවා. එහි ජනතාව ගමනාගමනය, මිදි සංස්තෘතිය, ආවේණික සිරිත්-විරිත් මත පදනම් ව සංචාරක කර්මාන්තය කැපී පෙනෙන ලෙස වර්ධනය කර තිබෙනවා. ‍එමගින්, එහි ගොවීන්ගේ ආදායම් මට්ටම් නංවා තිබෙනවා. එපමණක් නොව, ටුර්පන් නගරය, සංස්කෘතිය හා සංචාරය ප්‍රශස්ත ව සම්බන්ධ වී ඇති ආදර්ශවත් නගරයක් බවට පත්වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම