චීන ජනපති ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ පැරණි ජියාඕහෙ නගරයේ නිරීක්ෂන චාරිකාවක නිරත‍ වෙයි
2022-07-16 14:29:53
Share with:

පසුගිය 14 වනිදා, චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ටුර්පන්හි පැරණි ජියාඕහෙ නගරයට ගොස්, එහි සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම ආදිය පිළිබඳව නිරීක්ෂනය  කළේ ය .

පුරාණ ජියාඕහෙ නගරය සේද මාවතේ වැදගත් ප්‍රවාහන මාර්ගයකි. එය ඉතා වැදගත් ඓතිහාසික වටිනාකමක් ඇති චීන ශිෂ්ටාචාරයේ වසර 5,000 ක ඉතිහාසය පිළිබඳ වැදගත් සාක්ෂියක් බව එම  නිරීක්ෂණයදී ෂී ජීන් පීං මහතා අවධාරණය කළේය.

සංස්කෘතික පුරාවස්තු ආරක්‍ෂා කර ප්‍රයෝජනයට ගනිමින් සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කර  මතු පරම්පරාවට දායාද කළ යුතුය. චීන සංස්කෘතියේ ජාත්‍යන්තර බලපෑම පුළුල් කරමින් ජාතික අභිමානය සහ සංස්කෘතික විශ්වාසය වැඩි දියුණු කළ යුතු යැයි ද ෂී ජීන් පීං මහතා පෙන්වා දුන්නේය .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම