ෂින්ජ්‍යං හි ටුර්පන් නගරයේ විශේෂ මිදි වගා කර්මාන්ත ප්‍රදේශයක් චීන ජනපතිගේ නිරීක්ෂණයට
2022-07-16 14:49:50
Share with:

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 14වැනි දා ටුර්පන් නගරයට පැමිණියේ ය. එහි මිදි වගා කර්මාන්තය පිළිබඳව විමසා බැලූ හෙතෙම මිදි වගා කර්මාන්තය සංචාරය හා සම්බන්ධ වීමේ සංවර්ධනය නිරීක්ෂණය කළේ ය.

ටුර්පන් නගරය යනු චීනයේ ප්‍රථම ජාතික මට්ටමේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ නගර ලැයිස්තුවට එක්වූ නගරයකි. එහි මිදි වගාව ආරම්භ කෙරුණේ වසර 2000කට අධික කාලයකට පෙර ය. වසර 5ට පෙර බෙයිජිං හි චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික ‘ සැසිවාර 2 ’ පැවැත්වූ අවස්ථාවේ දී ෂී ජින් පිං මහතා ෂින්ජ්‍යං නියෝජිත කණ්ඩායම සමග සුහද පිරිසඳරක නිරතවූ අවස්ථාවේ දී අවධාරණය  කළේ ෂින්ජ්‍යං හි අනන්‍යතාවන්ගෙන් යුත් විශේෂ කර්මාන්ත තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ය.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම