ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව වැඩබලන ජනපති කියයි
2022-07-16 14:58:30
Share with:

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා බවත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත් කියා සිටියේය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම ඉතා කෙටි කලක් තුළ සකස් කරන බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම