දුෂ්කරතා හමුවේ චීන ආර්ථිකය ස්ථාවර වී නැවත යථා තත්ත්වයට පත් වෙයි
2022-07-15 19:53:36
Share with:

2022 වසරේ පළමු භාගය සඳහා චීන ජාතික ආර්ථික දත්ත අද (15) නිකුත් කෙරිණ. මූලික ගණනය කිරීම්වලට අනුව, චීන දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 56.26ක් දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා 2.5% කින් වැඩි විය. සංකීර්ණ සහ අස්ථාවර දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකය ස්ථාවර වී නැවත යථා තත්ත්වයට පත් වී ඇත. විශේෂයෙන්ම එය දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක් අත්කර ගත් අතර පුළුල් ලෙස ආර්ථිකය ස්ථාවර වී ඇත.

ඇමරිකාවේ CNBC වෙබ් අඩවියේ වාර්තාවක් සඳහන් කළේ, චීනයේ සිල්ලර අලෙවිය ජුනි මාසයේදී පෙර වසරට වඩා සියයට 3.1 කින් ඉහළ ගොස් ඇති අතර එය පෙර පසුබෑමෙන් පසු ප්‍රකෘතිමත් වීමක් දක්වා ඇති බවයි.

සැලකිය යුතු කරුණ නම්, මෙම වසරේ මුල් භාගයේ දී චීන පාරිභෝගික මිල දර්ශකය‍ පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 1.7% කින් ඉහළ ගොස් තිබේ. යුරෝපා හා ඇමරිකානු රටවල 8% හෝ ඊට වැඩි වැඩිවීමට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක් වන  එය ඉහළ ජාත්‍යන්තර උද්ධමනයට තියුනු ලෙස වෙනස්ය. මෙය චීන ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වයට සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ඉවහල් වේ.

මෙම වසරේ මුල් භාගයේ දී, චීනයේ සමස්ත විදේශ වෙළඳ පරිමාව පසුගිය වසරේ සමාන කාලයට සපේක්ෂව 9.4% කින් ඉහළ ගොස් ඇති අතර අපනයන 13.2% කින් ඉහළ ගොස් තිබේ .

අනාගතයේදී, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ තත්ත්වය වැඩිදියුණු වන අතර ප්‍රතිපත්තිමය බලපෑම් අඛණ්ඩව පෙන්නුම් කරන බැවින් , චීන ආර්ථිකයේ විශාල ප්‍රමාණය, පුළුල් වෙළඳපල අවකාශය, සංවර්ධනයේ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිසංස්කරණවලින් බහුල ලාභාංශ වැනි චීනයේ වාසි තවදුරටත් ප්‍රයෝජනයට ගැනෙනු ඇති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම