විද්‍යා තාක්ෂණ දියුණුව සංවර්ධනය වෙමින් පවතින රටක‍ අනාගතයයි
2022-07-15 09:43:58
Share with:

විද්‍යා තාක්ෂණ දියුණුව සංවර්ධනය වෙමින් පවතින රටක‍ට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. නව නිපැයුම් තුළින් ලෝකය ඉදිරියට යා යුතුව ඇත. එය ලොකු කුඩා සියළු රටවලට පොදු ධර්මතාවකි. එබැවින් නව ලොවට ගැලපෙන ලෙස නව නිපැයුම් වෙත පිවිසිය යුතුය. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසට චීනයේ සීඝ්‍ර දියුණුවේ ඉතා වැදගත් කරුණක් ලෙසට නව නිපැයුම් හී ඇති වර්ධනය තමන් දකින බවද හෙතෙම කියා සිටී. ගෙවී ගිය දශකය දෙස බැලීමේ දී චීනයේ දී නිපදවීමේ සිට චීනයේ දී නිර්මාණය කිරීම දක්වා චීනය ඉතා කැපී‍ පෙනෙන වෙනස් මාවතකට ගමන් කර තිබේ. එය චීන දියුණුව වේගවත් කර ඇති අතර නව සන්නාම රැසක් චීනයෙන් බිහිවී ඇතැයි ද චන්දන කුමාර මහතා සඳහන් කරයි. එම සන්නාමයන්ට ලොව පුරා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වෙමින් තිබේ. ජංගම දුරකථනයේ සිට ගෘහ විදුලි උපකරණ දක්වා පමණක් අධි තාක්ෂණ සෞඛ්‍ය මෙවලම් දක්වා එය ව්‍යාප්ත වී ඇත. මෙය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට කදිම ආදර්ශයක් ලෙසට තමන් දකින බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම