ශ්‍රී ලංකා කථානායකවරයා ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි
2022-07-15 12:13:32
Share with:

කථානායකවරයා, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි.

ඊයේ (14) රාත්‍රී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  ඉල්ලා අස්වීමේ ලිපිය තමාට යොමු කළ බවත් , 2022.7.14 දින සිට ජනාධිතිවරයා සිය ධුරයෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇතැයි එම ලිපියේ සඳහන් කර ඇති බවත්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) නිල වශයෙන් නිවේදනය කර තිබේ. නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූලව සිදුකෙරෙනු ඇති අතර, එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල හා කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි කථානායකවරයා කියා සිටී.

ලබන 16 හා 22 යන දෙදින පාර්ලිමේන්තුව රැස් වන බවත්, සියලු මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි වන ලෙසත්, හෙතෙම දැනුම් දී ඇත.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම