ශ්‍රී ලංකාවේ මතු වී ඇති අර්බුදය විසඳීමට බටහිර රටවල සහය ලබාගැනීම කාලෝචිත නැහැ
2022-07-15 15:56:10
Share with:

ශ්‍රී ලංකාවේ මතු ව ඇති අර්බුදය විසඳීමට බටහිර රටවල සහය ලබාගැනීම කාලෝචිත නොවන අතර, ඒවා අනවශ්‍ය මැදිහත්වීම් බවට පත්විය හැකි බව ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක, ප්‍රවීණ විචාරක ජයන්ත හේවගේ මහතා කියාසිටී. විවිධ බාහිර බලවේග  මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇත.

ඇතැම් බටහිර රටවල් වෙනත්  රටවලට එල්ල කළ අනිසි බලපෑම් ගැන සැලකීමේදී ලිබියාව,ඉරාකය, ඇෆ්ගනිස්ථානය නිදසුන් කිහිපයකි. ශ්‍රී ලංකාවේ මෙම අරගලය පිටුපස බටහිර බලවේග ක්‍රියාත්මක බවට ඇතැම් අය තුළ සැක පවතී. කෙසේවෙතත් අන්තවාදී මෙන්ම පැසිස්ට්වාදී පාලනයක් ඇතිවීමේ ඉඩකඩ පැහැදිලිවම වළකා ලිය යුතු බව හේවගේ මහතා අවධාරණය කරයි.

තිස් අවුරුදු යුද්ධය නිමාකිරීම, පාස්කු ප්‍රහාරය, කොරොනා වසංගතය වැනි දේ මෙරට හටගත් අස්ථාවරයන්ට බලපෑවේය. ඇතැම් රාජ්‍යයන් මානව අයිතීන් පෙරට දමමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව  කොන්කිරීමට උත්සාහ කළේ ය. එහිදී චීනය, රුසියාව,වැනි රාජ්‍යයන් අප වෙනුවෙන් පෙනීසිටීම අතිශයින් පැසසිය යුතුය.එම නිසා මෙවන් සංවේදී අවස්ථාවක පෙර අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් බව ප්‍රවීණ විචාරක ජයන්ත හේවගේ මහතා පෙන්ව දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම