ඇමරිකා මග යාමෙන් අතර මං වන යුරෝපය
2022-07-15 08:54:05
Share with:

ජූලි 11 සිට 21 දක්වා රුසියාවේ සිට යුරෝපයට ස්වාභාවික ගෑස් සම්ප්‍රේෂණය කෙරෙන විශාලතම නල මාර්ගය වන "Nord Stream-1" නඩත්තු කිරීමක් හේතුවෙන් අත්හිටුවී ඇත. මෙම කාලය යුරෝපයට ශීත ඍතුව සඳහා ගෑස් ගබඩා කිරීමට වැදගත් කාල පරිච්ඡේදයකි. Nord Stream-1" හරහා ගෑස් සම්ප්‍රේෂණය අත්හිටුවීම යුරෝපයේ කනස්සල්ලට හේතු වී තිබේ.

රුසියා-යුක්රේන ගැටුම පැතිර යාමෙන් පසු රුසියාවට එරෙහිව ඇමරිකාවේ සම්බාධක යුරෝපය අනුගමනය කර ඇති අතර රුසියාව යුරෝපයට ස්වාභාවික ගෑස් සැපයුම අඩු කිරීම හේතුවෙන් යුරෝපීය ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබේ. "Nord Stream-1" සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇතැයි රුසියා-යුක්රේන ගැටුමෙන් බලපෑමට ලක් යුරෝපා රටවල්  කනස්සල්ලට පත්ව සිටී. ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඉතාලිය සහ ග්‍රීසිය යනාදී රටවල් රැසක රජයන් නරකම ප්‍රතිඵලය සඳහා සූදානම් වෙමින් සිටියද, කෙටි කාලීනව, යුරෝපයට රුසියානු ස්වාභාවික ගෑස් සඳහා ආදේශකයක් සොයා ගැනීමට නොහැකි වනු ඇත.

ඒ සමගම, බලශක්ති අර්බුදයෙන් සිදු වන උද්ධමනය යුරෝපය  පුරා යමින් යුරෝපා ජනතාවගේ ජීවිතයේ සෑම අංශයකටම බලපා ඇත. රුසියානු-යුක්රේන ගැටුමේ විශාලතම ගොදුරු බවට පත්වෙමින් සිටින බව වැඩි වැඩියෙන් යුරෝපා ජනතාව වටහාගෙන සිටිති.

ඇමරිකාව සමඟම වැරදි මාවතක දිවීම වෙනුවට, යුරෝපීය දේශපාලනඥයන් අර්බුදය සමනය කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වීමට වඩා සක්‍රීය හා ඵලදායී මාර්ග සෙවිය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම