ජනතා අරගල බාහිර පාර්ශ්වයන්ගේ ඉලක්ක ඉටු නොකරන්නක් විය යුතුයි!
2022-07-14 15:36:33
Share with:

ජනතා අරගල සැමවිටම සාමකාමී විය යුතු බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. අරගල කලහකාරී වීමේන් සැබෑ අරමුණු බැහැරට ගොස් බාහිර පාර්ශ්වයන් ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට දායකවන්නක් විය හැකිය. ලිබියාව, ඉරාකය, ඊජිප්තුව වැනි රටවලට වර්තමානයේ අත්වී ඇති ඉරණම මගින් මෙම තත්ත්වය මනාව වටහා ගත යුතුව ඇතැයි ද ඇය කියා සිටී. ව්‍යවස්ථානුකූල ආකාරයෙන් දේශපාලන අර්බුද විසඳා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයයි. ඉන් බැහැරව යාමෙන් සිදු වන්නේ රටේ මූලික නීතියට හානි සිදුවීමය. එබැවින් මූලික නීතිය ආරක්ෂා කර ගනිමින් සාමාකාමී ලෙස විරෝධතා දැක්වීමෙන් බාහිර පාර්ශ්වය‍න්ගේ අරමුණු පරාජයට පත්කරමින් සැබෑ අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් කර ගත හැකි යැයිද ඇය කියා සිටී. ඇතැම් බටහිර න්‍යාය පත්‍රයන්ට හසුවීමෙන් යුක්රේනයට අත්වී ඇති ඉරණමද මෙම තීරණාත්මක අවස්ථාවේ අවධානයට ගැනීම කාලෝචිත යැයි ද දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම