විදේශ කුමන්ත්‍රණවලට සම්බන්ධ ඇමරිකානු දේශපාලනඥයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි
2022-07-14 20:14:22
Share with:

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  ජාතික ආරක්ෂක උපදේශක ජෝන් රොබට් බෝල්ටන් පසුගිය 12වැනිදා  ඇමරිකානු මාධ්‍ය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වෙනත් රටවල කුමන්ත්‍රණ සැලසුම් වෙනුවෙන් ආධාර කළ බවට පිළිගත්තේය.

සත්‍ය වශයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම්වල ශූරයෙකු ලෙස පෙනී සිටිමින්, ඇමරිකාව ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් නොසලකා හැර වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී අනෙකුත් රටවල පාලන තන්ත්‍රයන් පෙරලා දැමීම යුක්ති සහගත යැයි සිතීම සුළු කොට තැකිය නොහැක.

 2008 දී අල් ජසීරා සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජෝන් රොබට් බෝල්ටන් පැවසුවේ විදේශ රටවල කුමන්ත්‍රණ සැලසුම්  ඇතැම්විට "ඇමරිකානු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය" බවයි.

ඇමරිකානු දේශපාලනඥයන් විදේශ රටවල කුමන්ත්‍රණ සැලසුම් සිදු කරන බොහෝ ක්‍රම තිබේ. ඔවුන්ට එක්කෝ සෘජුවම යුද්ධ කළ හැකිය. හමුදා සැරයටිය සොලවමින් සහ අනෙකුත් රටවල් තලා දැමිය හැකිය. එසේත් නොමැති නම් "වර්ණ විප්ලව" උසිගැන්වීම සහ වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා සමාජ නොසන්සුන්තාව ඇති කළ හැකිය. එහි එක් අරමුණක් වන්නේ වෙනත් රටක පාලන තන්ත්‍රය පෙරළා දැමීමයි.

ජෝන් රොබට් බෝල්ටන් නම් මහා කථිකයා ඇමරිකානු  දේශපාලකයින් සහ ඔවුන් පිටුපස සිටින උනන්දුවක් දක්වන කණ්ඩායම්වල කිව නොහැකි වචන ප්‍රකාශ කර ඇත. ලෝකයේ කැළඹිලිවල මූලාශ්‍රය ඇමරිකාවයි. අතේ ලේ තියන ඇමරිකානු දේශපාලකයන් එක්සත් ජාතීන්ගේ ආයතන මගින් පරීක්ෂා කර විභාග කරමින් නීතියට අනුව දඬුවම් කළ යුතුය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම