ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු කළහොත් නීතිමය පියවර
2022-07-13 16:36:22
Share with:

ඉකුත් 9 වැනි දින වූ සිදුවීම්වලින් ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එසේ හානි සිදුකළහොත් පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානිවීම වලක්වා ගැනීම සදහාත්, වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර්ග ගත් බවත්, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම