ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා ගාමක බලවේගයක් වන ශක්තිමත් චීන විදේශ වෙළදාම
2022-07-13 20:48:18
Share with:

අද (13)උදෑසන, චීන රේගු  පොදු පරිපාලනය, වසරේ මුල් භාගයේ විදේශ වෙළඳාමේ ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක්  නිකුත් කළේය. මුලු වටිනාකම යුවාන් ට්‍රිලියන 19.8ක් වන එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව  සියයට 9.4කින් ඉහළ ගොස් තිබේ. අපනයන සියයට 13.2 කින් සහ ආනයන සියයට 4.8 කින් වර්ධනය විය. විශේෂයෙන්ම, ජුනි මාසයේදී චීනයේ අපනයන වර්ධනය වේගය 17.9% දක්වා ළඟා වූ අතර එය දේශීය හා විදේශීය බොහෝ වෙළඳපොළ ආයතනවල අපේක්ෂාවන් ඉක්මවා ගියේය.

Shenzhen සහ Shanghai ඇතුළත් පර්ල් ගංගා ඩෙල්ටා සහ යැංසි ගංගා ඩෙල්ටා හි ප්‍රධාන විදේශ වෙළඳ නගරවල නැවත නැවතත් වසංගතය පැතිරීම අප්‍රේල් මාසයේ ආනයන හා අපනයන පරිමාවට විශාල බලපෑමක් ඇති කළේය. මැයි මාසයේදී, චීනයේ වසංගත වැළැක්වීම සහ පාලන තත්ත්වය වැඩිදියුණු වී ව්‍යවසායන් ක්‍රමානුකූලව වැඩ සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමත් සමඟ චීනයේ විදේශ වෙළඳාමේ දත්ත රේඛාව ඉහළ යාමට පටන් ගත්තේය. අවසාන වශයෙන්, වසරේ මුල් භාගයේ විදේශ වෙළඳාම ආනයන හා අපනයන වර්ධනය ළඟා කර ගැනීමට සමත් විය.

බ්‍රික්ස් සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීමත් සමඟ බ්‍රික්ස් යාන්ත්‍රණය ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර සංවර්ධනය සඳහා නව ප්‍රවේශයක් වී තිබේ. ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ චීනයේ වැදගත්කම ද අඛණ්ඩව වර්ධනය  වෙමින් පවතී.

චීනයේ විදේශ වෙළඳාමේ වර්ධනය තවමත් අස්ථායී සහ අවිනිශ්චිත සාධකවලට මුහුණ දී සිටී. කෙසේ වෙතත්, චීන ආර්ථිකයේ දිගුකාලීන ධනාත්මක මූලධර්ම නොවෙනස්ව පවතී. චීන විදේශ වෙළඳාමේ ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීමට සහ ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා ගාමක බලවේගයක් අඛණ්ඩව සැපයීමට හැකි සුදුසු තත්ත්වයක් දැකිය හැකියි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම