බටහිර රටවල අධිපතිවාදී හැසිරීම පාරිසරික ගැටළු වලට ප්‍රධාන හේතුවක් බව ඉරාන ජනපති පවසයි
2022-07-13 10:23:06
Share with:

බටහිර රටවල අධිපතිවාදී හැසිරීම පාරිසරික ගැටළු වලට ප්‍රධාන හේතුවලින් එකක් වන අතර, පරිසර ආරක්ෂණ ක්ෂේත්‍රයේ ඔවුන් වැඩි වගකීමක් දැරිය යුතු බව, ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා පවසයි.

පසුගිය සියවස් කිහිපය තුළ, ස්වභාවික සම්පත් විශේෂයෙන්ම යටත් විජිත රටවල ස්වභාවික සම්පත්, බටහිර රටවල් පාලනයකින් තොරව අත්පත් කර ගෙන තිබේ.

බටහිර රටවල් සිය ආර්ථික සංවර්ධනයන් සඳහා ලොව පුරා විවිධ දූෂක ද්‍රව්‍ය නිෂ්පාදනය කර තිබේ. මානවයන් ගේ අපේක්ෂාවන්ට අනුව, පරිසර ආරක්ෂණ ක්ෂේත්‍රයේ බටහිර රටවල් වැඩි වගකීමක් දැරිය යුතු බවත්, ඔවුන් පරිසර ආරක්ෂණය භාවිත කිරීමෙන් "නව යටත් විජිතවාදය" ගොඩනැගීමට ක්‍රියා නොකළ යුතු බවත්, Raisi මහතා ඊයේ (12) සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම