ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජගත් මහ ලේකම් කියයි
2022-07-13 16:32:49
Share with:

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජගත් සංවිධානය සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කරයි.

ෆර්හාන් හක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ “මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටී” යනුවෙනි.

මහ ලේකම්වරයා ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින අතර රජය සුමට සංක්‍රාන්තියක් සහතික කිරීම සහ ආර්ථික අර්බුදයට තිරසර විසඳුම් සෙවීම සඳහා සංවාදයක නිරත වන ලෙස සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම