සිරියාවට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2022-07-13 10:14:48
Share with:

සිරියා දේශසීමා හරහා මානුෂීය ආධාර සැපයීම දීර්ඝ කිරීම පිළිබඳ තීරණ කෙටුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කිරීම චීනයේ ප්‍රසාදයට ලක්වෙයි. සිරියාවට මානුෂීය ආධාර සැපයීමේ දී සිරියාවේ ස්වාධිපත්‍යයට සහ සිරියානු රජයේ ප්‍රමුඛතාවන්ට ගරු කළ යුතු බව චීනය සැමවිටම යෝජනා කරන බව එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා ඊයේ (12) පැවසීය. ඒකපාර්ශ්වික සම්බාධක සිරියාවේ ජාත්‍යන්තර මානුෂීය ආයතනවල ක්‍රියාකාරීත්වය දැඩි ලෙස සීමා කරන බවත් එය සිරියාවේ මානුෂීය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ එහි මානුෂීය සම්පත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ජාත්‍යන්තර ප්‍රජාව දරන උත්සාහයන්ට පටහැනි බවත් Dai Bing මහතා නැවත අවධාරණය කළේය. සිරියාවට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම