ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇතැම් ජපාන දේශපාලනඥයින් දරන අපේක්ෂාව ඉෂ්ට වේ ද?
2022-07-13 15:30:20
Share with:

ජපානයේ 26 වැනි සෙනෙට් මණ්ඩලයේ මැතිවරණයෙන් පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 63ක් දිනා ගනී. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අනුබල දෙන බලවේගය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව එම ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ආසන ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත. ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා පැවසුවේ කොංග්‍රසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සම්බන්ධ යෝජනා ප්‍රවර්ධනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සාක්ෂාත් කිරීමට උත්සාහ කරන බවයි.

මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී එහි  අපේක්ෂකයෝ උද්ධමනය සඳහා ප්‍රතිචාර දැක්වීම හා වැටුප් වැඩි කිරීම ඇතුළු ජපන් ජනතාවගේ වැඩි අවධානයට ලක් වන ප්‍රශ්න පිළිබඳව වැඩි වශයෙන් අදහස් දැක්වූහ. එහෙත් මැතිවරණයෙන් පසු එම මන්ත්‍රීවරුන් සිය අවධානය වෙනස් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැදගත් ම දේශපාලන යෝජනාවක් ලෙසට ගෙන තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළේය. එහි 9 වන වගන්තියෙන් නියම කර ඇත්තේ  ජපානය සදහටම සටන් ආරම්භ කිරීම අත්හරින බවත් ජාත්‍යන්තර ගැටුම් විසඳීම වෙනුවෙන් ජපානය යුධ බලය හෝ සෙසු තර්ජනයන්  භාවිත නොකරන බවත්ය. හමුදාවක් පවත්වා ගෙන නොයන බවද එහි දැක්වේ. ගෙවී ගිය වසර 75 තුළ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජපානය හා අසල්වැසි රටවල් අතර සබඳතාව යහපත් කිරීම හා එරටේ ආර්ථික වර්ධනයට උපකාරී වී ඇත. ඒ හේතුවෙන් ජපාන ජනතාව එය ඉහළින් අගය කරති. අදාළ ජනමත විමසුමට අනුව සියයට 59ක ජපාන ජාතිකයන් විශ්වාස කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සංශෝධනය නොකළ යුතු බවයි.

දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව ජනතාව හා ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනස් අදහස් දක්වන බව පෙනේ. වත්මන් ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තවදුරටත් සාක්ෂාත් කළ නොහැකි ඉලක්කයක් බව ඉන් පෙන්නුම් කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම