චීනයේ Qinghai-Tibet සානුව යනු ලොව පුරා විශාලම වපසරියක් සහිත, මුහුදු මට්ටමේ සිට උසම ස්ථානයක පිහිටි සානුවයි. මෙහිදී ජලය, ග්ලැසියරය, කැටි ගැසුණු පස හා විල යන ස්වභාවයන් පවතිනවා. මේ නිසා, ස්වාභාවික ජල කුළුණ යන කාර්යභාරයක් සතු Qinghai-Tibet සානුව, විශාල වපසරියකින් යුත් ආසියානු ගංගා රැසක් පෝෂණය කිරීම විශේෂත්වයක්. උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයට අමතරව, පෘථිවියේ පුළුල් ම ග්ලැසියරය පිහිටා තිබෙන කලාපය වන්නේ ද Qinghai-Tibet සානුවයි.
මානවයාගේ ඉතිහාසය තුළ පෙර නොවූ විරූ අයුරෙන් මිහිකත කාළගුණ උණුසුම මානවයා අත් විඳිමින් සිටින බව චීන විද්‍යා ඇකඩමියේ විද්වතෙක් පවසනවා. Qinghai-Tibet සානු ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමේ වේගය ගෝලීය දළ මට්ටමට වඩා දෙගුණයකින් ඉහළයි. එහි බහුතර ග්ලැසියර දිය වෙමින් පවතින බව ද ඔහු සඳහන් කරනවා.
ග්ලැසියර දියවීම, හිම කුණාටු, ග්ලැසියර වර්ධනය ඇතුළු ස්වාභාවික විපත් නිරන්තරයෙන් හට ගැනීමට බලපානු ඇති. ඒ පමණක් නොව, අභ්‍යන්තර ගොඩබිම් ප්‍රදේශ වල ජල සම්පත් හිඟයට ද එය හේතු විය හැකි අතර, නියඟයට ද එය තුඩුදිය හැකියි.
මේ තත්ත්වය පාලනයට, චීන රජය ප්රයත්න රැසක් දරා තිබෙනවා. Qinghai-Tibet සානු ජෛව සංරක්ෂණ නීතිය සම්පාදනය කිරීම, ග්ලැසියර සංරක්ෂණ කලාපය ගොඩනැංවීම, ග්ලැසියර සංචාරය දැඩි ලෙස සීමා කිරීම ඊට ඇතුළත්.