ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්
2022-07-12 16:17:14
Share with:

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. ඊයේ  11 සවස් කාලයේ උතුරු මුහුදේ එය ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල අනවසර ධීවර කටයුතු සිදු කරන බව  නිරික්‍ෂණය කළ නාවික හමුදාව, වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම