ඇමරිකානු ජනපතිගේ මැදපෙරදිග චාරිකාවේ අරමුණ කුමක් ද?
2022-07-12 10:57:07
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ ඊශ්‍රායලය, පලස්තීනයේ ජෝර්දාන ගඟේ බටහිර ඉවුර හා සෞදි අරාබියේ සංචාරය කිරීමට සැරසේ. ඔහු ජනපති ධුරයට පත් වීමෙන් අනතුරුව මැදපෙරදිග ප්‍රදේශයේ සිදු කරන පළමු චාරිකාව මෙය යි. මෙම චාරිකාව ඇමරිකාවේ ආරක්ෂාවට අතිශයින් වැදගත් වන බවත්, චීනය සමග තරගයෙන් ජය ගත යුතු බවත් පසුගියදා ඔහු ලිපියක් පළකරමින් පවසා ඇත. ඔහු එම ලිපියේදී යළිත් චීනයට අදාළව අදහස් පළ කර ඇත්තේ, ඇමරිකාවේ විකෘත දේශපාලන තත්ත්වය හමුවේ චීනයට විරෝධීවීම, නිවැරදිම දේශපාලන නිරවද්‍යතාව ලෙසට සලකමිනි. මැදපෙරදිග ප්‍රදේශය, චීනය හා රුසියාව සමග උපායමාර්ගික ක්‍රීඩාව පැවැත්වීමේ වේදිකාවක් බවට පත්කිරීම පිළිබඳ ඇමරිකාවේ අරමුණ මෙයින් හෙළිවෙයි. 

බයිඩන් රජය බලය යෙදවීම ආරම්භ කර ගත වූ වසරකට වැඩි කාලයක් තුළ, මැදපෙරදිග ප්‍රදේශය, ඇමරිකානු ගෝලීය උපායමාර්ගය තුළ ගන්නා ස්ථානය යම් තරමකට පහළයාමේ ලකුණු පෙන්නුම් කර තිබේ. මේ අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ මධ්‍යස්ථානය වශයෙන් එම ප්‍රදේශය, චීනය සමග පවත්වන සහයෝගතා තුළින් අඛණ්ඩව නව ජයග්‍රහණ ලබා ඇත. කෙසේ වුවද, චීනය මර්දනය කිරීමේ අරමුණෙන් යුතුව නව කලාපීය සන්ධානයක් හෝ ‘මැදපෙරදිග නේටෝවක්’ ගොඩනැගීම පිළිබඳ ඇමරිකාවේ නව අභිප්‍රාය මින් මනාව පැහැදිලි වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම