ලබන වසරේ ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ඇදවැටීමේ සම්භාවිතාව 50% කට වඩා වැඩි බව, කැනඩාවේ මූල්‍ය විශේෂඥයෙක් කියාසිටී
2022-07-12 10:06:59
Share with:

ලබන වසරේ ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ඇදවැටීමේ සම්භාවිතාව 50% කට වඩා වැඩි බව, කැනඩාවේ TD සුරැකුම්පත් සමාගමේ ගෝලීය උපායමාර්ග ප්‍රධානි Richard Kelly මහතා පවසයි. ස්වාභාවික ගෑස් මිල ඉහළ යෑම, ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ දැඩි ප්‍රතිපත්ති සහ ආර්ථිකයේ සාමාන්‍ය මන්දගාමීත්වය  මෙම අවපාත අවදානමට බලපාන ප්‍රධාන සාධක බව ඔහු ඊ‍යේ (11) කළ අදහස් දැක්වීමක දී පෙන්වා දුන්නේය. එසේම, ඇමරිකාවේ අවපාතයක් ඇතිවන්නේ කවදාදැයි අනාවැකි කීම දුෂ්කර බවත්, එය මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ඇතිවිය හැකි බවත් Richard Kelly මහතා අවධාරණය කළේය.

ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන Muzinich සමාගම ද ඊ‍යේ (11) කියා සිටියේ, ඇමරිකාවේ අවපාතයක් නොවැළැක්විය හැකි බවත්, එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවත්ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම