ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහ ඇමරිකානු රජය චීනයට දුන් ප්‍රතිඥා සාක්ෂාත් කරනු ඇති බවට චීනයෙන් අපේක්ෂා
2022-07-11 20:34:50
Share with:

ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහ ඇමරිකානු රජය චීනයට දුන් ප්‍රතිඥා සාක්ෂාත් කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා සමග පැවති හමුවක දී ලැයිස්තු 4ක් ඉදිරිපත් කළේ ය. චීනය සම්බන්ධ වැරදි ප්‍රතිපත්ති නිවැරදි කිරීම ද ඊට ඇතුළත් ය. එම ලැයිස්තුව නිසියාකාරයෙන් සැලකිල්ලට ගෙන, ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහ ඇමරිකානු රජය චීනයට දුන් ප්‍රතිඥා ප්‍රායෝගික ව ඉටු කරනු ඇතැයි  චීනයේ අපේක්ෂාව බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම