ගබ්සා අයිතිය අහිමි කිරීමට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා
2022-07-10 16:54:50
Share with:

‘Roe එරෙහි Wade’ නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින්, ඇ‍මරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නව තීන්දුවත් සමග, එරට කාන්තාවන්ගේ ගබ්සා අයිතිය වෙනුවෙන් පැවති ව්‍යවස්ථාමය රැකවරණය අහිමිවීම සනිටුහන් විය. එම මතභේදාත්මක තීන්දුවෙන් පසු ඇමරිකාව තුළ විශාල පරිමාණයේ විරෝධතා පෙළපාළි හටගැනිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට විරෝධතා පළකරමින් කාන්තාවන්ගේ ගබ්සා අයිතියට අනුබල දැක්වීමට ඊයේ(9) දිනයේත් ඇමරිකාව පුරා නගර 20ක පමණ, දැවැන්ත පෙළපාළි පැවැත්විණ. 

‘තම ශරීරය පිළිබඳව තීරණය කිරීමේ අයිතිය තමා සතු බව’ අවධාරණය කළ විරෝධතාකරුවෝ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මගින්, කාන්තාවන් සිය කැමැත්තෙන් ගබ්සාව තෝරා ගැනීමේ මූලික අයිතිය අහිමි කෙරුණු බව පෙන්වා දුන්හ. එය ඇමරිකාවේ සමාජයීය, ප්‍රජාතාන්ත්‍රික හා කාන්තා අයිතීන් පිළිබඳ පසුගාමී තීරණයක් බවට ද ඔවුන් අදහස් පළකර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම