චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ මූලික අභිප්‍රායන්ගෙන් ඇමරිකාව බැහැර නොවිය යුතුය
2022-07-10 16:05:30
Share with:

චීන-ඇමරිකානු සබඳතාව වෙනුවෙන් “ආරක්ෂක ගරාදි වැටක්”නිර්මාණය කළ යුතු බවට, වත්මන් ඇමරිකානු රජය විවිධ අවස්ථාවලදී අදහස් පළ කර ඇත. ඉන්දුනීසියාවේ බාලි දූපතේ ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු පැවති චීන-ඇමරිකානු විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ දී ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ප්‍රශ්න පිළිබඳව පුළුල්, ගැඹුරු සහ අවංක අදහස් හුවමාරුවක් සිදුකෙරිණ. චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන, එම  ද්විපාර්ශ්වික සබඳතාවේ “ආරක්ෂක ගරාදි වැට”බව චීන පාර්ශ්වය එහිදී පැහැදිලිව ප්‍රකාශ කළේය. මුළු ලෝකයේම අවධානය ඊට හිමි ව ඇත. 

ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, චීන-ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ආරම්භයේ සිටම දරුණු අභියෝගයකට මුහුණ දීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව වන්නේ, චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ තුනෙහි ප්‍රකාශිත මූලධර්ම හා ජීවගුණය නිසිලෙස අනුගමනය නොකිරීමයි.වසර 50 කට පෙර නිකුත් කරන ලද "Shanghai නිවේදනය" නිදසුන් ලෙස ගතහොත්, සමාජ ක්‍රමය කුමක් වුවත්, සියලුම රටවල් ඒ ඒ රටවල ස්වාධිපත්‍යය  සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු යැයි එහි සඳහන් වේ. එසේම වෙනත් රටවල් ආක්‍රමණය නොකිරීම, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, තුල්‍යතාව සහ අන්‍යෝන්‍ය ජයග්‍රහණ දිනාගනිමින් සාමකාමීව පැවතීම යන කරුණු ද ඉන් අවධාරණය කෙරිණ. 

ගතවූ අඩසියවස තුළ චීනය එම “ආරක්ෂක ගරාදි වැට” පවත්වා ගැනීමට උත්සාහ දරමින් සිටී.එහෙත් ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට නොකඩවාම මැදිහත් වන අතර, "තායිවාන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනය පාලනය කිරීම"ට ප්‍රයත්න දරමින්, චීන මර්දන කල්ලි පිහිටුවාගෙන ඇත. එයින් චීන-ඇමරිකානු සබඳතාවල "ආරක්ෂක ගරාදි වැට" දුර්වල කෙරුණු අතර, ඊට හානි සිදුවිය. වර්තමානයේ එළඹ ඇත්තේ, චීන- ඇමරිකානු සබඳතාව පිහිටුවීමේ මූලික අභිප්‍රායන් මෙන්ම, ඒකාබද්ධ ප්‍රකාශ තුනෙහි ලබා දුන් ප්‍රතිඥා ඇමරිකාව විසින් ඉටු කළ යුතු කාලයයි.ඇමරිකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හිදී එම අභිප්‍රායන්ගෙන් බැහැර වුවහොත්, ඇමරිකාවේ "ආරක්ෂක ගරාදි වැට " සවි කිරීම පිළිබඳ ප්‍රකාශ සපුරා නිෂ්ඵල වනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම