ඇමරිකානු-බ්‍රිතාන්‍ය චෝදනා ඵලරහිත කරමින් චීනයේ ‍බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීමේ ප්‍රමිතියට ඉහළ පිළිගැනීමක්
2022-07-10 15:39:20
Share with:

යුරෝ කෝටි විස්සක වටිනාකමින් යුත් වාණිජ සහයෝගතා ව්‍යාපෘති 10ක් ආවරණය වන ගිවිසුමකට චීනය හා ජර්මනිය පසුගියදා(7) අත්සන් තබා ඇත. මෙය, මීට දිනකට පෙර ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවා ආයතන ඒකාබද්ධව ගොතන ලද ඊනියා‘අනතුරු ඇඟවීමට’ ලබාදුන් අගනා පිළිතුරකි. 

 චීනය ආර්ථික ඔත්තු‍ සේවා හා හැකර්වරුන් මගින් බටහිර ලෝකයේ බුද්ධිමය දේපළ අයිතීන් පැහැර ගන්නා බවට, හයවැනිදා ලන්ඩන් නුවර පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු FBI ආයතනයේ ප්‍රධානී Christopher Wray හා බ්‍රිතාන්‍ය MI5 හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ Ken McCallum ඊනියා අනතුරු ඇඟවීමක් නිකුත් කළහ.

එහෙත් එය, ඇමරිකාව සිය බ්‍රිතාන්‍ය සගයින් සමග වේදිකාවට නැගී සිදු කළ තවත් රංගනයක් පමණකි. චීන විරෝධී මානසිකත්වයක් උද්දීපනය කර, චීනය වෙනත් රටවල් සමග පවත්වන ආර්ථික සහයෝගතා විනාශ කරමින්, චීනය මර්දනය කිරීමේ ඇමරිකානු ක්‍රියාමාර්ගයට සහායවීම එහි අරමුණ  බව පෙන්වා දිය යුතුය.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය නිකුත් කළ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ,  2012 වසරේ 34 වැනි ස්ථානයේ පසුවූ චීනය 2021 වසරේ දී 12 වැනි ස්ථානයට පැමිණ සිටී. ගෙවී ගිය දශකයක් තුළ චීනය නවෝත්පාදන හා අතිනවීන තාක්ෂණික ක්ෂේත්‍රයේ දිනා ගත් දැවැන්ත ජයග්‍රහණ, ස්වයං හැකියාව හා ස්වයං උත්සාහය මත ලබාගත් බව සමස්ත ජගත් ප්‍රජාවටම පැහැදිලි සත්‍යයකි.

පසුගිය 7 වැනිදා චීනයේ චාංචෞ නගරය හා චීන-ජර්මානු වාණිජ සංගමය අත්සන් තැබූ අදාළ වාණිජ සහයෝගතා ව්‍යාපෘති, සුහුරු විදුලි මෝටර් රථ, වෛද්‍ය සේවා හා ඖෂධ නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, නව අමුද්‍රව්‍ය යන ක්ෂේත්‍රවලට සම්බන්ධ ඒවා යි. චීනයේ ‍බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීමේ ප්‍රමිතිය ජර්මනියේ ඉහළ පිළිගැනීමට ලක්වූ බව මෙයින් පිළිබිඹු වේ. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම