තම රටට එරෙහි බටහිර රටවල සම්බාධක ලෝක බලශක්ති වෙළඳපොළට ව්‍යසන උදාකරනු ඇතැයි රුසියානු ජනපති පවසයි
2022-07-09 16:29:16
Share with:

බටහිර රටවල් රුසියාවට එරෙහිව අඛණ්ඩව සම්බාධක පැනවුවහොත් එමගින් ලෝක බලශක්ති වෙළඳපොළට ව්‍යසන සිදුවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා පවසයි.

රුසියාවට එරෙහි බටහිර රටවල ක්ෂණික ආර්ථික ප්‍රහාරයන් අසාර්ථක වුව ද, ඔවුන් පැනවූ සම්බාධක තුළින් රුසියාවේ ආර්ථිකයට හානි සිදුවෙමින් පවතින බව, ව්ලැද්මීර් පුටින් මහතා ඊයේ (8) පැවති රජයේ රැස්වීමකදී පැවසීය. රුසියානු ආර්ථිකය කෙරෙහි තවදුරටත් විශ්වාසය ඇතත් ඇතැම් කර්මාන්තවලට අවදානමක් පවතින බව ද හෙතෙම පැවසීය. මේ අතර, මිත්‍ර රටවලට තෙල් හා තෙල් නිෂ්පාදන සැපයීමේ සැලසුම් පිළිබඳව රුසියාව පර්යේෂණ කරමින් සිටින බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම