ප්‍රමාදය වැඩි වන තරමට සාකච්ඡා දුෂ්කර වනු ඇතැයි රුසියානු ජනපති කියයි
2022-07-08 11:43:54
Share with:

රුසියාව සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරන නමුත්, ප්‍රමාදය වැඩි වන තරමට සාකච්ඡා දුෂ්කර වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා කියාසිටී.

රුසියානු රාජ්‍ය ඩූමා හෙවත් එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නායකයන් සහ සියලුම පක්ෂ නායකයන් සමඟ පැවති රැස්වීමේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුරෝපයේ සමාන ආරක්ෂක පද්ධතියක් පිහිටුවීම පිළිබඳ රුසියාවේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි. මිසයිල ප්‍රතිරෝධී ආරක්ෂක ප්‍රශ්නය හේතුවෙන් එක්ව වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ එම රටවල්,  නේටෝ ව්‍යාප්තිය පිළිගත නොහැකි බවට වන අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන නැතැයි ද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම