ගෝලීය අර්බුදවලට සැලසුම් සහගතව මුහුණදීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ ලක්ෂණයකි
2022-07-08 10:00:15
Share with:

ගෝලීය අර්බුදවලට සැලසුම් සහගතව මුහුණදීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ ලක්ෂණයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා කියාසිටී. වසංගත අර්බුදය හා ඉන් සමස්ත ලෝකයේම උද්ගත වූ ආර්ථික කඩාවැටීම හමුවේ චීනය ක්‍රියාකළ ආකාරය මීට මනා නිදර්ශනයකි. චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් අතීතයේ සිටම, දූරදර්ශීව සිය දේශපාලන දැක්ම මෙහෙයවා ගත් බව සමස්ත ලෝකයම පිළිගන්නා කරුණක් බව කිව යුතුය.

වර්තමාන ලෝකය අතිශය අභියෝගකාරී අවස්ථා රැසකට මුහුණ පා සිටී. වසංගතය නිසා හටගත් ආර්ථික අවපාතය ඉන් ප්‍රධාන වේ. මේ වනවිට ගෝලීය සංවර්ධනය උදෙසා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව සංවර්ධන මුලපිරුමක් හඳුන්වා දී ඇත. සෑමවිටම ජයග්‍රහණ සාක්ෂාත් කළ යුත්තේ පොදු යහපත අරමුණු කරගනිමින් බව හෙතෙම පෙන්වා දෙයි.  චීන ජනාධිපතිවරයා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ සංකල්පයෙන් පෙන්වා දී ඇත්තේ ද ගෝලීය අර්බුද මනාව හඳුනාගනිමින් ඒවාට එක්සත්ව මෙන්ම සැලසුම් සහගතව මුහුණ දී සාමූහික ජයග්‍රහණ අත්පත් කරගැනීමේ කාලීන අවශ්‍යතාවයි. ඉකුත් දා පැවති බ්‍රික්ස් රාජ්‍යනායක හමුවේ දී ද ෂී ජින් පිං මහතා මේ බව ලොවට පැවසීය.

නිරන්තර වෙනස්වීම්වලට බඳුන් වන ලෝක දේශපාලන තත්ත්වය හමුවේ වෙළඳ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ආර්ථික වර්ධනය අඛණ්ඩව සාධනීය අයුරින් පවත්වා ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. එහෙත් චීනය මේ සම්බන්ධයෙන් ද ලොවට මනා ආදර්ශ සැපයීමෙහි සමත් ව සිටී.

මාධ්‍යවේදියෙකු ලෙස චීනයේ කිහිප අවස්ථාවක චාරිකා කළ තමා, චීනයේ ක්‍රියාත්මක ජනතා අභිමුඛ සංවර්ධන වැඩසටහන් සියැසින් දුටු බවද විජේසේකර මහතා සිහිපත් කරයි.

චීනය ප්‍රකට කරන මෙම සියලු සාර්ථකත්වයන් උදෙසා බලපා ඇත්තේ, සියවසක් තිස්සේ තම රට විශිෂ්ට සංවර්ධනීය යුගයක් කරා රැගෙන ගිය චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ සැලසුම් සහගත භාවයම බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම