ඇමරිකාව චීනය කෙරෙහි පවතින අවබෝධය නිසි ආකාරයෙන් නිවැරදි කර ගත යුතු බව චීනය කියයි
2022-07-08 19:12:35
Share with:

ඇමරිකාව චීනය කෙරෙහි පවතින අවබෝධය යළි සලකා බලා නිවැරදි කර ගත යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව තාර්කිකත්වයේ හඬට සැලකිල්ලෙන් සවන් දෙමින්, චීනය කෙරෙහි පවතින අවබෝධය නිසි ලෙස සලකා බලා නිවැරදි කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

ඇමරිකාවේ Starr සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Maurice R. Greenberg මහතා පසුගිය දා the Wall Street සඟරාවේ ‘ඇමරිකානු-චීන සබඳතාව යළි ගොඩනැගීම පිළිබඳ අපගේඅපේක්ෂාව’  නමින් ලිපියක් නිකුත් කරමින් පැවසුවේ, වර්තමානයේ ඇමරිකානු-චීන සබඳතාව යහපත් අතට පත්කර ගැනීම, මින් පෙර කිසිදු අවස්ථාවකට වඩා ඇමරිකාවේ ජයග්‍රහණයට බලපාන බවයි.

Maurice R.Greenberg මහතා චීන- ඇමරිකානු වෙළඳාම කෙරෙහි දැක්වූ අදහස්  Zhao Lijian මහතා අගය කළේය. ලෝකයේ විශාලතම ආර්ථීක ඒකකයන් දෙකක් වන චීනය හා ඇමරිකාව අන්‍යෝන්‍ය ලෙස  වැදගත් වෙළඳ හවුල්කරුවන් වන අතර, දෙරටේ ආර්ථීකයන් ගැඹුරින් සම්බන්ධ වන බව ද Zhao Lijian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම