චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2022-07-08 09:58:03
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා, රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමුවෙයි. හමුව, G-20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව, ඉන්දුනීසියාවේ බාලි හිදී සිදුවිය.

G-20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ වැදගත් ප්‍රතිඵල ක්‍රියාත්මක කර, තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය වේගවත් කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා රුසියාව ඇතුළු සියලු පාර්ශ්ව සමඟ කටයුතු කිරීමට චීනය කැමති බව Wang Yi මහතා එහිදී පැවසීය.

ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර සහ පරිමාණය පුළුල් කරමින් දෙරටේ ජනතාවට වඩාත්ම යහපත් ප්‍රතිලාභ ලබා දීමට රුසියාව කැමති බව Sergey Lavrov මහතා කියාසිටියේය. ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂක මුලපිරීම වැනි වැදගත් සංකල්ප සඳහා රුසියාව සහාය දක්වන අතර, චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

යුක්රේනයේ තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම