ඉදිරියට යා යුත්තේ කෙසේ ද
2022-07-08 10:53:47
Share with:

පවතින ආර්ථික අර්බුදය කුමන ආකාරයෙන් විසඳා ගත හැකි දැයි ශ්‍රී ලංකාවේ සෑම දෙනාම සිත් යොමු කර සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම ජනතාවගේ බලාපොරොත්තු සපිරි විකල්පයක්. ඔවුන්ගේ සහය හිමිවන්නේ නම් යම් කොන්දේසි යටතේ එය සිදුවනු ඇතැයි යන්න පිළිබඳ අවධානයට ලක් වී තිබෙනවා. නමුත් මෙම කොන්දේසි සෑම විටම අයහපත් යැයි නිගමනය කළ නොහැකියි. එය දැන් පවතින හදිසි අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙසට සැලකිය හැකියි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ස්වයං ලෙස නැගීසිටීමට ඉවහල්වන කර්මාන්ත සංවර්ධනය නිසි ලෙස ගොඩනගා ගැනීමට ද ආර්ථික විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහාය පදනම්ව එම සහයෝගය අවස්ථාවක් කර ගෙන වෙනත් රටවලද සහයෝගයෙන් ආර්ථිකය සැලසුම් කිරීම පාලකයන්ගේ වගකීමක්.

දැන් රට හමුවේ ඇති ප්‍රශ්නය නම් පවතින දුෂ්කර තත්ත්වය කෙටි කාලීනව මග හරවා ගැනීම හා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට දීර්ඝ කාලීනව ආර්ථිකය නඟාසිටුවීම සඳහා සැලැස්මක් සකස් කිරීමයි. එවැනි දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නායකයන් හා අදාළ නිලධාරීන් ක්‍රියා කරනු ඇති බවක් නම් තවමත් පැහැදිලිව දකින්නේ නැහැ. දේශපාලන පාර්ශ්වයන් අතර මතභේද නොතකා පොදු අරමුණකින් රට ජනතාවගේ සුබසෙත ඉලක්ක කර ගනිමින් තිරසර ප්‍රතිපත්ති සැලසුම් කර ස්ථිර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම වර්තමාන ශ්‍රී ලංකාවට නම් අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩු වෙනස් වුවත් ජන ජීවිතය යහපත් කරගැනීම සඳහාත් රට සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහාත් අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි ආර්ථික ප්‍රතිපත්ති තවහුරු කරගැනීම මෙවර අර්බුදයෙන් ඉගෙන ගත යුතු වැදගත් පාඩමක්. එය ඉටුකර ගත හැකිද යන්න වර්තමානයේ පවතින විශාලතම ප්‍රශ්නයයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම