වගා කර්මාන්තයට නව තාක්ෂණයන් මුසු කිරීමෙන් සාර්ථක වූ විශිෂ්ටයන්
2022-07-08 08:34:36
Share with:

1983 වසරේ උපත ලැබූ Yan Shuyan, උපන් ගමෙන් බැහැරව ස්වාමිපුරුෂයා සමග වෙනත් නගරයක දිගු කාලයක් වැඩ කරමින් සිටියා. 2018 වසරේ දී පවුලේ අයගේ දුක සැප විමසා බැලීමට යළි උපන් ගමට පැමිණි විට ඇය දුටුවේ ‍උපන් ගම පෙර නොවූ විරූ අයුරින් සංවර්ධනය වී ඇති ආකාරයයි. ගොවීන් වෙනුවෙන්  ක්‍රියාත්මක සහනශීලී ප්‍රතිපත්ති රැසක් ගැන දැන ගැනීමෙන් පසු, උපන් ගමට ආපසු ඇවිත් කෘෂිකර්මාන්තයේ නිරත වීමට ඇය තීරණය කළා.

උපන් ගමට ආපසු ගිය මුල් කාලයේ, නව තාක්ෂණය ගැන ප්‍රමාණවත් අවබෝධයක් නොතිබූ Yan Shuyan සහ ස්වාමිපුරුෂයා, වෙහෙස මහන්සි වී වගා කටයුතු වල නිරත වුණා. එලෙස උත්සාහවන්ත ව, අධිෂ්ඨානශිලී ව වැඩ කිරීමෙන් ඔවුන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා.

නවීන කෘෂිකර්මාන්ත තාක්ෂණය නොකඩවා ම ඉදිරියට වර්ධනය වීමත් සමග, නවීන යන්ත්‍රෝපකරණ භාවිතය කෙරෙහි Yan Shuyan සහ ස්වාමිපුරුෂයාගේ සිත් තුළ ඉහළ උනන්දුවක් ඇතිවුණා. ඔවුන් ‍ගේ අධ්‍යාපන මට්ටම ඒ තරමට ඉහළ මට්ටමක නොතිබුණත්, නිහතමානී ව  හැදෑරීම මගින්, ට්‍රැක්ටරය පැදවීම, අස්වනු නෙළන උපකරණය පැදවීම වගේ ම ඩ්‍රෝන මගින් වැපිරීම, පොහොර දැමීමේ තාක්ෂණයන් පවා ඔවුන් අත් කර ගෙන තිබීම විශේෂත්වයක්. වගා කර්මාන්තයෙන් තම ආදායම් ඉහළ නංවා ගැනීමට ඔවුන් සමත් වූ අතර, සෙසු ගම්වැසියන්ගේ ආදායම් නැංවීමට ද ඔවුන් ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. ඉදිරියේ දී, ධාන්‍ය නිශ්පාදනය තවත් වැඩි කර ඒවායේ ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කරමින් තමන්ගේ ම සන්නාමයක් නිර්මාණය කිරීම Yan Shuyan සහ ස්වාමිපුරුෂයා ගේ ඒකායන අරමුණයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම