ආර්ථික සම්බාධක පැනවීමෙන් ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බව ඉරානය කියයි
2022-07-07 10:55:58
Share with:

ඇමරිකාව සෙසු රටවලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ඉරානය පවසයි.

ඇමරිකාව සිදු කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ ක්‍රියාවන්ට විරුද්ධ වීම සඳහා පසුගිය දා පැවති ‘ ඇමරිකානු මානව හිමිකම් සතිය ’ යන ක්‍රියාකාරකම් වලදී ඉරාන විදේශ අමාත්‍යංශය නිවේදනයක් මගින් මේ බව සඳහන් කළේ ය.

‘ ආර්ථික උපකරණ ආර්ථික දාමරිකත්වය බවට පත් කිරීම ඇමරිකාව සිය දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමක් ’ බව එම නිවේදනයේ දැක්වෙයි. ඉරානයට එරෙහිව ඇමරිකාව පනවා ඇති දැඩි සම්බාධක හා ක්‍රියාත්මක කර ඇති ආර්ථික දාමරිකත්වය, ඉරානයේ නිෂ්පාදනයට, රැකියා නියුක්තියට හා රටේ ආදායම් වලට පීඩා එල්ල කර තිබේ. ජනතාවගේ ආදායම් මට්ටම් පහත වැටීමක් හා මන්දගාමී සමාජ සංවර්ධනයක් ද ඉන් ඇති විය. නව කොරොනා වසංගතය තුළ, ඉරානය රෝග විනිශ්චය කිරීමට හා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට ඇමරිකාව බාධා එල්ල කළේ ය. ඉරානයේ පර්යේෂණකයන් හා වෛද්‍යවරුන් පොදු වෛද්‍ය සම්පත් අත් කරගැනීම ඇමරිකාව තහනම් කර තිබීම මගින් ඔවුන් ගේ  අමානුෂිකත්වය පිළිබිඹු කෙරෙන බව ද ඉරාන විදේශ අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම