ජපාන් ආක්‍රමණ-විරෝධී යුද්ධයේ 85 වැනි සංවත්සරය සැමරේ
2022-07-07 11:24:20
Share with:

ජපාන් ආක්‍රමණ-විරෝධී යුද්ධයේ 85 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය බෙයිජිං නගරයේ පිහිටි ජපන් ආක්‍රමණ-විරෝධී චීන ජනතා යුධ අනුස්මරණ ශාලාවේදී අද (7) උදෑසන පැවැත්වේ.

වසර 85කට පෙර, ජපන් හමුදා "ජූලි 7 වන දින ක්‍රියාව" සිදු කරන ලදි.

එවක ජපන් හමුදාවේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ වන්පිං කෝරළයේ රජයේ කාර්යාලය දැන් අනුස්මරණ ශාලාවකි. එම අනුස්මරණ ශාලාව 1987 දී විවෘත වූ දා සිට සෑම ජූලි 7 වැනිදාම සමරු උත්සවයක් සංවිධාන කෙරේ.

අද එම උත්සවය අනුස්මරණ ශාලාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයේ දී පැවැත්විණ. චීනය ජාතික ගීය ගායනා කිරීම, ජපන් ආක්‍රමණ-විරෝධී යුද්ධයේ දිවි පිදූවන් වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සහ දිවි පිදූවන්ට පුෂ්පෝපහාර දැක්වීම යනාදී සමරු ක්‍රියාකාරකම් ඊට ඇතුළත්ය.

ජපාන ආක්‍රමණ-විරෝධී යුද්ධය සැමරීමේ අරමුණ වන්නේ, ඉතිහාසය මතක තබා ගැනීමටත්, වෙහෙස මහන්සි වී ලබා ගත් සාමය අගය කිරීමටත්, අනාගතය නිර්මාණය කිරීමටත් තරුණ පරම්පරාව දැනුවත් කිරීමත් සඳහාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම