ජාතික අවශ්‍යතාවන්ට වඩා මැතිවරණ වාසි උදෙසා ක්‍රියාත්මක ඇමරිකානු දේශපාලනය
2022-07-07 21:52:02
Share with:

තම රටේ වාර්තාගත ඉහළම උද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා, පසුගිය රජය විසින් චීන භාණ්ඩ සඳහා පනවා තිබූ ඇතැම් අතිරේක තීරුබදු ඉවත් කිරීම පිළිබඳව ඇමරිකාව සාකච්ඡා කරමින් සිටින බවට මෑතක සිට එරට මාධ්‍ය ඔස්සේ නිතර වාර්තා පළ වී ඇත. පසුගිය 5 වන දා Biden රජය "සුළු" ප්‍රමාණයක තීරු බදු ඉවත් කරන බවට විවිධ මාධ්‍ය වාර්තා කළේය. එය කෙතරම් සුළු ද? එය ඇමරිකානු ඩොලර් බිලියන 10 කි. එනම්, එය අතිරේක තීරුබදු පනවා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 370 ක වටිනාකමින් යුතු චීන භාණ්ඩවලින් 2.7% ක් පමණකි.

ඇමරිකාවේ එම ක්‍රියාව මගින් කරුණු දෙකක් ඉතා පැහැදිලි වෙයි. පළමුව, ඇමරිකානු දේශපාලනඥයන් තම රටේ ජාතික ජයග්‍රහණ, ව්‍යවසායන් සහ ජනතා අවශ්‍යතා වෙනුවෙන් හෝ පුද්ගලික දේශපාලන අවාසි සිදුකර නොගන්නා  බවයි.  දෙවැන්න, ඇමරිකාව චීන භාණ්ඩ මත පැනවූ අතිරේක තීරු බදු ඉවත් කිරීම තවදුරටත් ප්‍රමාද කළහොත් ඇමරිකානු ආර්ථිකයට දැඩි හානි සිදු වන බවයි.

චීනයට එරෙහිව ඇමරිකාව දියත් කළ වෙළඳ යුද්ධය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව පසුගිය වසර හතර තුළ වාර්තා වූ පුළුල් කරුණු සහ සංඛ්‍යාලේඛන මගින් මනාව ඔප්පු කළ හැකිය. එමෙන්ම චීන භාණ්ඩවලට අතිරේක වශයෙන් පනවා ඇති තීරු බදු ඇමරිකානු ආර්ථිකයට කිසිදු  ප්‍රතිලාභයක් ගෙන දුන්නේ ද නැත.

ඇමරිකාවේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ චීන භාණ්ඩවලට පැනවූ අතිරේක තීරුබදු ඉවත් කිරීමේ ඉල්ලීම් ශක්තිමත් වෙමින් පවතී.එසේ වුවද, වොෂින්ටනය ඒ ගැන පසුබට වීමට  ඇති  හේතු මොනවාද? එහි වඩාත් තීරණාත්මක සාධකය වන්නේ "ඡන්දය" යි.වොෂින්ටන් දේශපාලනඥයින් සැබවින්ම "මැතිවරණ වහලුන්" බව ඇමරිකානු දේශපාලන ක්‍රමය තීරණය කර තිබේ. ඇමරිකාව මධ්‍යවාර මැතිවරණයට ළං වීමත් සමඟ, ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයෝ වැඩි ඡන්ද ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට වැඩි අවධානය  යොමු කරමින් සිටිති.

මැතිවරණය ජය ගැනීම සඳහා ඇමරිකානු දේශපාලනඥයන්, ඉහළ තෙල් මිල, නිවාස මිල සහ ආහාර මිල හේතුවෙන් දැඩි පීඩා විඳින සාමාන්‍ය ජනතාව බිල්ලට දීමට තෝරා ගෙන අවසන් බව මින් මනාව පැහැදිලි වෙයි. ඊනියා "ඇමරිකානු ප්‍රමුඛත්වය" යනු, “ඡන්දයට ප්‍රමුඛතාව දී ජනතාව පසෙකට තල්ලු කර දැමීම” යැයි කිවහොත් එය වඩාත් යුක්ති සහගත වනු ඇත.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම