චීනය හා තායිලන්තය අතර සහයෝගතාවන් පුළුල් කෙරේ
2022-07-06 10:16:20
Share with:

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා ඊයේ (5) බැංකොක් හිදී තායිලන්තයේ නිල සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමු විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම සඳහා තායිලන්තය විශාල වැදගත්කමක් ලබා දෙන බව Prayuth Chan-ocha මහතා පැවසීය. චීනයේ සංවර්ධන අත්දැකීම් ඉගෙන ගැනීමටත්, කාලයේ ප්‍රවණතාව ග්‍රහණය කර ගැනීමටත්, ඓතිහාසික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමටත්, තායිලන්තය සහ චීනය අතර පූර්ණ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය.

චීන - තායිලන්ත පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව ආරම්භ කිරීමේ දසවන සංවත්සරය මෙම වසරේ සනිටුහන් කෙරන බව Wang Yi මහතා පැවසීය. දෙපාර්ශවය මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බවත්, සහයෝගීතාව පුළුල් කළ යුතු බවත්, අනාගතය සඳහා සැලසුම් කළ යුතු බවත්, දෙරටටම වඩාත් ස්ථාවර, සමෘද්ධිමත් සහ තිරසර අනාගතයක් නිර්මාණය කළ යුතු බවත් හෙතෙම පැවසීය.

මෙම වසරේ APEC නායකයන්ගේ නිල නොවන සමුළුව පිළිබඳව ද දෙපාර්ශවය එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

Wang Yi මහතා ඊයේ (5) තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය Don Pramudwinai මහතා සමඟ බැංකොක්හි පැවති සාකච්ඡාවලින් පසු, ඒකාබද්ධව මාධ්‍යවේදීන් හමුවිය. මෙවර සංචාරයේදී දෙපාර්ශ්වයම ගැඹුරු උපායමාර්ගික සන්නිවේදනයක් පැවැත්වූ අතර වැදගත් සම්මුතීන් හතරකට එළඹී ඇතැයි Wang Yi මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම