චීන විදේශ ඇමතිවරයා හා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් G20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව අතරතුර
2022-07-06 10:22:36
Share with:

චීන විදේශ ඇමතිවරයා හා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා Bali දූපතේ දී හමුවීමට නියමිතව ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ චීන රාජ්‍ය මණ්ඩලය සාමාජික හා විදේශ ඇමති වං යී මහතා G20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ආරාධනාවකට අනුව ප්‍රධාන රටවල විදේශ ඇමතිවරුන් හා ඇතැම් සංවිධානවල නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික හමුවීම් රැසකට එක් වනු ඇති බවයි. චීන හා ඇමරිකා දෙපාර්ශ්ව අතර සාකච්ඡා පවත්වා තීරණය ගෙන ඇත්තේ වං යී මහතා හා ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා අතර හමුවීමක් පවත්වනු ඇති බවය. ඔවුන් චීන ඇමරිකා සබඳතාව, ප්‍රධාන ජාත්‍යන්තර හා ප්‍රාදේශීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇතැයි Zhao Lijian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම