චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්ගේ 2022 වසරේ පළමු සංවාදය පැවැත්වේ
2022-07-06 16:58:35
Share with:

චීන-ඇමරිකානු සංවාදය ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊයේ (5) දෙරටේ ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් 2022 වසරේ පළමු සංවාදය පැවැත්වුවා.

මෙම වසරේ, ජාත්‍යන්තර තත්ත්වයේ විශාල වෙනස්කම් සිදු වෙලා තිබෙනවා. චීනය සම්බන්ධයෙන් ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳව Biden රජය තුළ පොදු එකඟතාවක් තවමත් නැහැ. ඇමරිකාව නියම ප්‍රතිපත්ති තීරණය කිරීම  අත්‍යවශ්‍යයි. ඒ නිසා, දෙපාර්ශ්වය මේ වන විට අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා.

මෙම සංවාදයේ ඇමරිකාවේ නියෝජිත Janet L. Yellen මහත්මිය ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරියයි. චීනයට එරෙහි අතිරේක රේගු බදු ඇමරිකාවේ පාරිභෝගිකයන්ට හානි එල්ල කරන බව ඇය නිරන්තරයෙන් පවසනවා. ඇය ඒ බව පවසා ඇත්තේ ඇමරිකාවේ පාරිභෝගිකයන් හා ව්‍යවසායන්‍ගේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීමටයි.

ඇමරිකාවේ ඉහළ උද්ධමනය හේතුවෙන් එම සංවාදය වත්මන් ඇමරිකාවට ඉතාමත් වැදගත්. සැපයුම් දාමය හා උද්ධමනය අතර සමීප සම්බන්ධතාවක් තියෙනවා. ගෝලීය කාර්මික දාමය සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය මෙම සංවාදයේදී නව කාරණයක් බවට පත් වුණා.

චීන-ඇමරිකානු සංවාදය මේ වන විට පැවැත්වීම අර්ථාන්විතයි. සාර්ව ආර්ථික තත්ත්වය, ගෝලීය කාර්මික දාමය සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය මෙන්ම බලශක්ති අර්බුදය, ආහාර අර්බුදය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට සහයෝගිතා පැවැත්වීම, වාසීදායක තත්වයක් බිහි කරනු ඇති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම