Lancang-Mekong නදී සහයෝගිතා පිළිබඳ 7වැනි විදේශ අමාත්‍ය සමුළුව මියන්මාරයේ දී
2022-07-05 11:08:05
Share with:

Lancang සහ Mekong නදී සහයෝගිතා පිළිබඳ 7වැනි විදේශ අමාත්‍ය සමුළුව පැවැත්වෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වං යී මහතා සහ මියන්මාර විදේශ අමාත්‍ය Wunna Maung Lwin මහතාගේ ප්‍රමුඛත්වයෙන්, ඊයේ(4) මියන්මාරයේ දී මෙම සමුළුව පැවැත්විණ. ලාඕසය, කාම්බෝජය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල විදේශ අමාත්‍යවරු ඊට එක් වූහ.

Lancang-Mekong නදී සහයෝගිතාව ආරම්භ වීමෙන් පසු, රටවල් 6ක්  එක් ව වැඩ කිරී‍මෙන්, මෙම නව උප කලාපීය යාන්ත්‍රණයේ ඉහළ මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර, එම රටවල් හයේ ජනතාවට කැපීපෙනෙන ප්‍රතිලාභ ගෙන දී ඇති බව, වං යී මහතා එහිදී සඳහන් කළේ ය.

ලෝකය කැළඹිලි සහිත වෙනස්කම් සපිරි නව කාල පරිච්ඡේදයකට පිවිස තිබීම නිසා Lancang-Mekong නදී සහයෝගිතාව ගුණාත්මකව වැඩිදියුණු කළ යුතු බවත්, වඩා සමීප Lancang-Mekong රටවල් අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගිය යුතු බවත්, වං යී මහතා කියා සිටියේ ය.

"රටවල් 6ක සමගිය ශක්තිමත් කරන අතර, සාමූහිකව සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරයි" යන තේමාවෙන්  විදේශ ඇමතිවරු මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

නව ප්‍රධාන සහයෝගිතා දිශාවන් 6ක් සඳහා සියලු පාර්ශ්ව එකඟ වී තිබීම ද විශේෂත්වයකි. "Lancang-Mekong නදී සහයෝගිතාව යටතේ, චීනය ඉදිරිපත් කළ කෘෂිකාර්මික සහයෝගිතා ක්‍රියාකාරී සැලැස්ම,  ඩිජිටල් ආර්ථික සහයෝගිතා වැඩසටහන සහ අභ්‍යවකාශ සහයෝගිතා වැඩසටහන ඇතුළු යෝජනා 6ක්, සියලු පාර්ශ්වයන් විසින් පිළිගෙන ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම