ඇල්ජීරියාවේ නිදහස් විප්ලව ජයග්‍රහණයේ 60 වැනි සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-05 15:39:34
Share with:

ඇල්ජීරියාවේ නිදහස් විප්ලව ජයග්‍රහණයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇල්ජීරියානු ජනාධිපති Abdelmadjid Tebboune මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

වසර 60 කට පෙර, සිය ර‍ටේ නිදහසට ඇල්ජීරියානු ජනතාව කළ කැපකිරීම්, අරාබි සහ අප්‍රිකානු ජාතික විමුක්ති ව්‍යාපාර  ඉතිහාසයේ දීප්තිමත් පරිච්ඡේදයක් බව, ෂී ජින් පිං මහතා අද (5) යොමු කළ එම පණිවිඩයෙන් පෙන්වාදෙයි. ඇල්ජීරියාවේ නිදහස් විප්ලවයට චීනය සහාය ලබා දී ඇති අතර, ඉන් දෙරටේ ජනතාව අතර ගැඹුරු මිත්‍රත්වයක් ගොඩනගා ඇති බව ද හෙතෙම සඳහන් කළේය. මෑත වසරවල දෙර‍ටේ සහයෝගිතා සංවර්ධනය කරමින් ද්විපාර්ශ්වික විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ඉහළ මට්ටමකට රැගෙන ගොස් ඇත. චීනය දෙරටේ සම්බන්ධතාව ඉතාමත් වැදගත් ‍කොට සලකයි. ඇල්ජීරියානු ජනාධිපතිවරයා සමඟ, “ එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙළ එක්ව ගොඩනැගීමේදී විවිධ සහයෝගිතා ප්‍රවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම