ඇමරිකානු සුදු ආධිපත්‍යයේ වාර්ගිකත්වය අනුව වෙනස් කොට සැලකීම උග්‍රවෙමින් පවතින බව චීනය කියයි
2022-07-05 17:00:47
Share with:

ඇමරිකානු සුදු ආධිපත්‍යයේ වාර්ගිකත්වය අනුව වෙනස් කොට සැලකීම උග්‍රවෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පවසයි. ඔහු අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියාසිටියේ, ඇමරිකාවේ අප්‍රිකානු තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාර මාලාවකින් ඝාතනය කිරීමේ සිද්ධිය විග්‍රහ කරමිනි.

ඇමරිකාව ලෝකය පුරා අසාධාරණය පතුරුවන බව එම සිද්ධියෙන් දැක ගත හැකිය. ඇමරිකානු රජය සිය අගතිය බැහැර කර, සාධාරණය හා යුක්තිය ඉටු කරන්නේ George Floyd ඝාතනය වැනි ඛේදවාචක කෙතරම් සංඛ්‍යාවක් සිදු කිරීමෙන් පසුව දැයි Zhao Lijian මහතා එහිදී ප්‍රශ්න කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම