කෘෂිකර්මාන්තය මගින් ශ්‍රී ලංකාවේ දිළිඳු තත්ත්වය පිටුදැකීමට චීනයේ සහාය
2022-07-05 14:27:06
Share with:

චීනයේ යුන්නන් පළාත හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ඒකාබද්ධව ‘කෘෂිකර්මාන්තය මගින් දිළිඳුකම අඩු කිරීම පිළිබඳ සහයෝගතා සාකච්ඡාව’ පසුගියදා පැවැත්වීය. දෙරටේ රාජ්‍ය අංශ, විද්‍යා පර්යේෂණ ආයතන, කෘෂි සංගම් හා ව්‍යාපාරවල නියෝජිතයන් මාර්ගගත ලෙස ඊට සහභාගි වෙමින්, ‘තේ කර්මාන්තය’, ‘නිවර්තන කලාපීය ආර්ථික වගා’, ‘කෘෂි විද්‍යා තාක්ෂණික සහයෝගතාව’ යන තේමා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී ඔවුන්  විද්‍යා හා තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ කෘෂිකර්මය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර, කෘෂි විද්‍යා තාක්ෂණික සහයෝගතා සම්බන්ධයෙන් වැදගත් එකඟතා රැසකට එළඹ තිබේ. 

දශක හතකට පෙර චීනය හා ශ්‍රී ලංකාව බාහිර අවහිරතා නොතකා ‘සහල් රබර් ගිවිසුමට’ අත්සන් තැබුවේය. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීම සඳහා එය මංගල පියවර තැබීමක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ ලෝක ව්‍යුහය වෙනස් වීම හා වසංගතය හමුවේ, ඇමරිකානු ආධිපත්‍යය හා බල දේශපාලනය ව්‍යාප්ත වෙමින් පවතී. මේ සමග සීතල යුද මානසිකත්වය යළි හිස එසවීම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පැවැත්මට බැරෑරුම් අභියෝග එල්ල විය. ‘සමගිය හා අන්‍යෝන්‍ය සහාය’ යන ජීවගුණයට අනුකූල වන ‘සහල් රබර් ගිවිසුම’ තුළ, අවුරුදු 70කට පසු අද දවසේත් ප්‍රායෝගික වැදගත්කමක් හිමි බව පෙන්වා දිය යුතුය. යුන්නන් පළාත හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය අතර මෙවන් සහයෝගතා ඔස්සේ දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහන් ප්‍රවර්ධනය , ඉතා කාලෝචිත පියවරක් බව කිව හැකිය.

චීනය හැම විටම කෘෂිකර්මය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවීන්ට අදාළ කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. වසර 2021 චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් යුක්තව අන්ත දිළිඳුකම රටෙන් තුරන් කිරීමේ අභියෝගාත්මක ඉලක්කය චීනය සාක්ෂාත් කර ගත්තේය. ඒ තුළින් සෙසු රටවල් සමග බෙදා ගත හැකි පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට චීනයට හැකි විය. ලංකාවේ ප්‍රධාන කර්මාන්තයක් වන කෘෂිකර්මාන්තය මනා ලෙස සංවර්ධනය කිරීම, රටේ දිළිඳුකම තුරන් කිරීමටත්, අර්බුදකාරී තත්ත්වයෙන් මෙන්ම ආහාර හිඟයෙන් මිදීමටත් අතිශයින් වැදගත්ය. මේ අතින්,ශ්‍රී ලංකාවට ප්‍රබල අනුග්‍රහයක් හා සහායක් දැක්වීමට මනා හැකියාවක් ඇති චීනය ඊට සූදානම් බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා පවසා තිබේ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම