ගෝලීය ගැටුම් නිර්මාපකයා ඇමරිකාව බව යළිත් සනාථ වෙයි
2022-07-05 22:03:44
Share with:

ඇමරිකාවේ විමර්ශන වෙබ් අඩවියක් වන " Intercept" මෑතකදී වාර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව, 2017 වසරේ සිට 2020 වසර දක්වා ඇමරිකාව "127e" නම් ව්‍යාපෘතිය මගින්, අවම වශයෙන් ලොව පුරා ප්‍රොක්සි යුද්ධ 23 ක් සිදු කර ඇත.  එයින් අවම වශයෙන් 14 ක් මැද පෙරදිග සහ ආසියා- ශාන්තිකර කලාපයේ සිදුවිණ. 2020 වසරේ පමණක් අවම වශයෙන් ව්‍යාපෘති 14 ක් සක්‍රිය  තත්ත්වයක පවතී. එම වාර්තාව සත්‍ය වුවහොත්, ඇමරිකාව  දිගු කලක් තිස්සේ ලොව පුරා ප්‍රොක්සි යුද්ධ නිර්මාණය කරමින් සිටින බවට,  ප්‍රබල සාක්ෂි මගින් තහවුරු වනු ඇත. එමගින් ලෝකයේ විශාලතම අවුල් නිර්මාපකයා ඇමරිකාව බව තවදුරටත් සනාථ කෙරෙයි.

ඇමරිකාව අදාළ තොරතුරු රහස් ලෙස තබා ගත්තද, ඇමරිකාව ලොව පුරා ප්‍රොක්සි යුද්ධ දියත් කළ බව ජාත්‍යන්තර ප්‍රජාව දිගු කාලයකට පෙර සිටම දන්නා රහසකි.දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සීතල යුද්ධය ආරම්භ කිරීමත් සමඟ ප්‍රොක්සි යුද්ධ ක්‍රමයෙන් ගෝලීය ගැටුම්වල ප්‍රධාන මාදිලියක් බවට පත්ව ඇත.

මැද පෙරදිග සිට නැඟෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව දක්වා, ලෝකයේ සෑම ගැටුම්කාරී  තත්ත්වයක් පිටුපසම පාහේ ඇමරිකාව සිටී. විශේෂයෙන් "වර්ණ විප්ලව" සඳහා උසිගැන්වීමටත් කලාපීය ප්‍රොක්සි යුද්ධ වගා කිරීමටත් ඇමරිකාව දැඩි උනන්දුවක් දක්වයි. එරට ප්‍රොක්සි යුද්ධ දියත් කිරීම පුරුද්දක් ලෙස සිදුකරන අපරාධකරුවෙකි.

එහි අභිප්‍රේරණය පැමිණෙන්නේ මූල්‍ය සම්පත් සහ ආධිපත්‍යය මුල්කර ගනිමිනි. "නියෝජිතයා" සහ ඉලක්කගත රට කැළඹිලිකාරී ගැටුමකට මැදිහත්වීම  එහි ප්‍රතිඵලය වේ.එමෙන්ම අහිංසක සිවිල් ජනතාවගේ ජීවිත ක්‍රමයෙන් අහිමි වන අතර, කලාපයේ තත්වය දිනෙන් දින අවුල් වී යයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම