ප්‍රංශ නව රජයේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කෙරේ
2022-07-05 17:24:14
Share with:

ප්‍රංශ නව රජයේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ.

ප්‍රංශ ජනාධිපති මන්දිරය ඊයේ(4) පළ කළ නිවේදනයට අනුව අග්‍රාමාත්‍යවරයා හැර නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 41 දෙනෙකුගෙන් සමන්විත වේ.  අමාත්‍යවරු 16 දෙනෙක්, අමාත්‍ය මට්ටමේ නියෝජිතයෝ 15 දෙනෙක් සහ ලේකම්වරු 10 දෙනෙක් ඊට ඇතුළත් වෙති. ඒ අතරින් 21 දෙනෙක් කාන්තාවන් වීම විශේෂත්වයකි.

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රධාන සාමාජිකයන් පිරිසක් ද නව කැබිනට් මණ්ඩලයට එක්ව සිටිති. එමෙන්ම නව නිලධාරීන් රැසක් ද මෙවර කැබිනට් මණ්ඩලයට එක්ව සිටීම කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම