ඊජිප්තුවේ පළමු සැහැල්ලු දුම්රිය මාර්ගයේ අත්හදා බැලීමේ අදියර ඇරඹේ
2022-07-04 11:15:46
Share with:

ඊජිප්තුවේ පළමු සැහැල්ලු දුම්රිය මාර්ගයේ අත්හදා බැලීමේ මෙහෙයුම ආරම්භ වේ.

චීන ව්‍යවසායන් විසින් ඉදිකරන ලද ඊජිප්තුවේ සැහැල්ලු දුම්රිය මාර්ගයේ අත්හදා බැලීමේ අදියර ඊයේ (3) ආරම්භ විය. ඊජිප්තුවේ පළමු විදුලි දුම්රිය මෙය වීම විශේෂත්වයකි.

ඊජිප්තු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ එරට නිලධාරීන් මෙන්ම ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිජියං මහතා ද දුම්රිය මාර්ගය අත්හදා බැලීමේ අදියර ඇරඹීමේ අවස්ථාවට සහභාගි වූහ.

     ඊජිප්තු ප්‍රවාහන අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, දැනට අත්හදා බැලීම් සඳහා විවෘතව ඇති ව්‍යාපෘතියේ පළමු අදියරේ දී දුම්රිය 22 ක් ක්‍රියාත්මක වන අතර, දිනකට මගීන් 3 ලක්ෂ 60 දහසක් ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම