යූරියා පොහොර ලබන සතියේ සිට ගොවීන්ට
2022-07-04 16:42:11
Share with:

ඉන්දියාවෙන් ලැබෙන යූරියා පොහොර මිටියක් රුපියල් දසදහසක සහන මිලකට ලබන සතියේ සිට වී ගොවීන්ට සපයන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. මේ වනවිට යූරියා පොහොර මිටියක් රුපියල් 42 දහසක් වැනි ඉහළ මිලකට වෙළෙඳපොළේ අලෙවි වෙයි.

 ඉන්දියාවෙන් ලැබෙන පොහොර තොගය ගොවිජන නියෝජිතයන්ගේ එකඟතාව අනුව රුපියල් දසදහසක මිලකට වී ගොවීන්ට සැපයේ.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65 දහසකින් පළමු තොගය රැගත් නැව මේ වනවිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ. එය ලබන 8 වැනිදා රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිතයි.10 වැනිදා  සිට එම පොහොර තොගය බෙදාහැරීමට ක්‍රියාකරන  බව ඇමතිවරයා කියාසිටී.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම