අප්‍රිකානු ඇමරිකානුවන්ගේ ඛේදවාචකය ඇමරිකාවේ නිදහස් දිනය ලැජ්ජාවට පත් කරයි
2022-07-04 22:07:53
Share with:

George Floyd ගේ ඛේදවාචකයෙන් වසර දෙකකට පසු, ඇමරිකාවේ පොලීසිය යළිත් අප්‍රිකානු ඇමරිකානුවෙකුට ප්‍රචණ්ඩත්වය තුළින් දිවි අහිමි කර ඇත.

ඇමරිකාවේ ඇක්රොන් නගරයේ පොලීසිය ඊයේ (3) නිකුත් කළ වීඩියෝවකට අනුව, රථවාහන පරීක්ෂාවකදී මෝටර් රථයකින් පැන දුවන අප්‍රිකානු තරුණයෙකු වූ Jayland Walker පොලිස් නිලධාරීන් 8 දෙනෙකු‍ගේ වෙඩි ප්‍රහාර මාලාවකින් ඝාතනය කර තිබේ. එම පොලිස් නිලධාරීන් වෙඩි 90 කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර, Jayland Walker ගේ සිරුරේ තුවාල 60 ක් සිදුව ඇත.

ජූලි 4 වැනිදා ඇමරිකාවේ නිදහස් දිනයයි. ඇමරිකාවේ “නිදහසේ ප්‍රකාශයේ” අන්තර්ගත, සියලු මිනිසුන් සමාන වේ යන අදහස මෙම සිද්ධියේ දී දැඩි අභියෝගයටත්, හාස්‍යයටත් ලක් ව තිබේ.  කෙසේවෙතත් අවසානයේ Jayland Walker රථවාහන පරීක්ෂාවකදී මිය ගියේය. ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව, ඇමරිකාවේ රථවාහන පරීක්ෂාවේදී සුදු රියැදුරන්ට වඩා අප්‍රිකානු- ඇමරිකානු රියැදුරන් නැවැත්වීමේ ඉඩකඩ 20% කින් වැඩි ය. දත්තවලට අනුව, 2020 සිට, ඇමරිකාවේ පොලිස් බලහත්කාරකම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2,563 ක් වන අතර, ඉන් 565 දෙනෙක් අප්‍රිකානු- ඇමරිකානුවෝ වෙති.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඇමරිකාවේ වාර්ගිකත්වය අනුව වෙනස් කොට සැලකීම පැහැදිලිව  දැකිය හැකිය. එය එරට වහල්භාවයේ අපරාධ ඉතිහාසය, සුදු ආධිපත්‍යයේ සමාජ වාතාවරණය සහ ඇමරිකානු දේශපාලනඥයන්ගේ අසාර්ථක පාලනයට ඍජුව සම්බන්ධ වේ.

ජූලි 4 වෙනිදා, ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික බෙදීම්වලින් පෙළෙන ඇමරිකාවේ දේශපාලනඥයන්, වසර 200 කට පෙර ඇමරිකාවේ නිර්මාතෘවරුන්ගේ අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම