යුක්රේනයේ යළි සංවර්ධනයට සහය වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් සැලසුම් මාලාවක්
2022-07-04 11:33:02
Share with:

යුක්රේනයේ යළි සංවර්ධනයට සහය වීම සඳහා සැලසුම් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමට බ්‍රිතාන්‍යය සූදානම් වේ.

බ්‍රිතාන්‍ය විදේශ ඇමති Liz Truss මහත්මිය අද(4) එම සැලසුම් ප්‍රකාශ කරනු ඇති බව වාර්තා වේ. ඇය යුක්රේනයට බ්‍රිතාන්‍ය කෙටිකාලීන හා දිගුකාලීන සහය සැලසුම් පැහැදිලි කරනු ඇත.

මේ වන විට බ්‍රිතාන්‍යය බහුපාර්ශ්වික ණය ඇපකර හරහා යුක්රේනයට ඩොලර් බිලියන 1.5 ක ආධාරයක් සහ ඩොලර් මිලියන 120 ක පමණ සෘජු ආධාරයක් ලබා දී ඇත.

එසේම, 2023 වසරේ යුක්රේන ප්‍රතිසංස්කරණ සමුළුව පැවැත්වීම සඳහා යුක්රේන රජය සහ එහි සන්ධාන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද බ්‍රිතාන්‍යය පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම